hunugalagala linestone cave excavation 2013

හිටපු පොලිස්‌ ලොක්‌කෝ දෙදෙනෙක්‌ නිධන් හාරා වසර දෙකක්‌ හිරේ

ගල්ගමුව පොලිස්‌ වසමේ පැරණි දේවාල භූමියක නිධන් හෑරීමට ගොස්‌ මීට වසර තුන හමාරකට පෙර අත්අඩංගුවට ගත් ගල්ගමුව පොලිසියේ හිටපු ස්‌ථානාධිපති ඇතුළු තිදෙනකුට බරපතළ වැඩ සහිතව වසර දෙකක සිරදඬුවම් ඊයේ (27) නියම විය. ගල්ගමුව - මැදවච්චිය ගම්මානයේ පැරණි දේවාල භූමියක ළිඳක්‌ හාරන මුවාවෙන් නිධන් හාරමින් සිටි පොලිසියේ පස්‌දෙනකු ඇතුළු හත්දෙනෙක්‌ මීට වසර කිහිපයකට පෙර නිකවැරටිය කොට්‌ඨාසයේ විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මගින් අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ පිළිබඳව පැවැති නඩු විභාගයේදී සිවිල් වැසියන් දෙදෙනා වරද පිළිගත් හෙයින් මීට පෙර ඔවුන්ට දඬුවම් නියම විය. නමුත් පොලිස්‌ නිලධාරීන් වරද නොපිළිගත් බැවින් මේ වනතෙක්‌ නඩු විභාගය පැවැති අතර එතෙක්‌ ඔවුහු රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටියහ....

නිධන් හෑරීම් හා පුරාවස්‌තු විනාශයට නව නීති

පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්‌ථානවල සිදු කෙරෙන නීතිවිරෝධී නිධන් හැරීම් සහ ඉපැරැණි නටබුන් විනාශකරමින් සිදු කෙරෙන පුරාවස්‌තු විනාශ කිරීම්වලට සම්බන්ධ පුද්ගලයන්ට සිරදඬුවම අනිවාර්යය කරමින් ඒ සඳහා පැනවිය හැකි දඩය රුපියල් පනස්‌ ලක්‍ෂය දක්‌වා වැඩි කිරීමට හැකිවන පරිදි නව නීති සංශෝධන ඉදිරිs සති කීපය තුළ රජයට ඉදිරිපත් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තිරණය කොට තිබේ....

නීලගිරියද කුලබරියද ?

අම්පාරේ ලාහුගල හැඩඔයට නුදුරින් මහ වන මැද පිහිටි නිලගිරි චෛත්‍ය පුරාණයේ කුලබරිය චෛත්‍ය විය හැකි යැයි එහි ඊසාන දෙසින් හමු වු ගිරි ලිපියක සඳහන් වෙතියි නීල ගිරි ස්ථානභාර පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරී සංජීව සම්පත් ගුරුසිංහ මහතා කියයි....

'හතර ඇඳි ගෙය' සහ 'වලව්ව' ලංකාවේ මධ්‍යතන යුගයේ ප්‍රභූ නිවාසයන්

ගෝලීයකරණය විසින් මෙහෙයවනු ලබන බටහිර නූතනත්වයේ අඛණ්‌ඩ අතුල් පහර (onslaught) හමුවේ වර්තමානය වන විට වියෑකෙමින් පවතින නිවාස නාමයන් වන 'හතර ඇඳි නිවස්‌ සහ 'වලව්ව' ලාංකික වාස්‌තු විද්‍යා ඉතිහාසය තුළ විශේෂ ස්‌ථානයක්‌ අත්පත් කොට ගත්තත් මේවායේ ස්‌වභාවයන්, අන්තර්ගතයන් මෙන්ම දෙවර්ගය අතර පවත්නා සම්බන්ධතාවයන් එතරම් දුරකට ශාස්‌ත්‍රීය අවධානයට ලක්‌ව නොතිබීම කැපී පෙනේ....

පැල්මඬුල්ලේ ඓතිහාසික ධර්ම සංගායනාව

ථේරවාද බෞද්ධ ධර්ම සංගායනා කීපයක් ම දඹදිව පවත්වන ලද බව අපි දනිමු. අප රටෙහි ද සංගායනා කිහිපයක් ම පවත්වන ලද බව ලංකා ශාසන ඉතිහාසය කියයි. මෙම සංගායනාවලට දඹදිව සිදුකරන ලද සංගායනා වලට තරම් භික්ෂූන් වහන්සේලා විශාල පිරිසත් සහභාගී නොවූවත් සාසන ඉතිහාසය අතින් බලන විට ඒවා ද ලඝු කොට තැකීම සුදුසු නොවේ. මෙම සංගායනා අතර මුලින් ම සඳහන් වන්නේ මිහිඳු මා හිමියන් දවස මෙ රට පැවැත් වූ විනය සංගායනාවයි. ඉන්පසු වළගම්බා රජු දවස මාතලේ අලු ලෙනේ දී කරන ලද ධර්ම සංගායනාව ධර්මය පුස්ථකාරූඪ කරනු වස් සිදුකරන ලද්දකි. මෑත භාගයේ දී අප රටේ සිදුකරන ලද සංගායනාවල දී ද බොහෝ සෙයින් සිදුකරන ලද්දේ ත‍්‍රිපිටකාගත පාඨාදිය ඉවත් කොට එකී ග‍්‍රන්ථ සංශෝධනය කිරීමයි. ධර්මය චිරස්ථායී කරනු පිණිස එය අත්‍යාවශ්‍ය කාර්යයකි. මේ අතින් පැල්මඩුල්ලේ සුදර්ශන ශාලාවේ පවත් වනු ලැබූ සංගීතිය ද අතිශයින් වැදගත් වේ. එ බැවින් ඒ පිළිබඳ ව විස්තරයක් ඉදිරිපත් කිරීම අගය කළ යුතු ය. විශේෂයෙන් සබරගමු ඉතිහාසයේ සිදු කෙරී ඇති උසස් ම ධර්ම ශාස්ත‍්‍රීය කර්තව්‍යය ද එය වන නිසා මෙහි වැදගත් කම වඩාත් තහවුරු වේ....

ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සමුදෙන ජගත් කීර්තිධර පුරාවිද්‍යාඥයා - ආචාර්ය හලාවතගේ නිමල් පෙරේරා

පුරාවිද්‍යා ක්ෂේත‍්‍රයේ නියැලී සිටින්නන්ටත් සියලු ශ්‍රී ලාංකිකයන්ටත් මෙවන් මිනිසුන් ක්ෂේත‍්‍රයෙන් ඉවත් වීම දුකක් වුවත් ඔහු විසින් සිදු කරන ලද කාර්යය දෙස නැවත හැරී බැලීමේ දී ලාංකිකයකු ලෙස නිහතමානී ව ආඩම්බර විය හැකි ය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සමුගන්නා ආචාර්ය නිමල් පෙරේරා වියතානනී, ඔබට තව තවත් ලාංකේය පුරාවිද්‍යාවේ මංපෙත් ලෝකයා වෙත ගෙන යාමට නිදුක් නීරෝගී බවත්, වාසනාව හා ශක්තියත් උදා වේවා!...

ලෝක සංචාරක දිනය හා ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය

යම්කිසි පුද්ගලයකු තමන් එදිනෙදා ජීවත්වන නිවහනින් හෝ රාජකාරි සිදුකරන ස්ථානයෙන් බැහැරව අවුරුද්දකට නොවැඩි දින ගණනක් විනෝදය, විවේකය, හෝ ව්‍යපාරමය කටයුත්තක් සදහා ගමන්කිරීම සංචරණය (Tourism) ලෙසින් හැදින්වේ....

මහාචාර්ය රාජ් සෝමදේව මහතා ගේ ශාස්ත්‍රීය කෘතියක් රාජ්‍ය ඇඟයීමට ලක් වේ

2013 රාජ්‍ය සාහිත්‍ය සම්මාණ උළෙලේ දී 2012 වසර සඳහා ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් ප්‍රකාශයට පත් වූ විශිෂ්ට ම ශාස්ත‍්‍රීය කෘතියට හිමි රාජ්‍ය සම්මාණය හා විශිෂ්ට ම පොත් නිමාව සඳහා වූ රාජ්‍ය සම්මාණය යන සම්මාන දෙක දිනාගැනීමට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ ගණයේ පුරාවිද්‍යා පර්යේෂකයෙකු හා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද්‍යා මහාචාර්ය වරයෙකු වූ රාජ් සෝමදේව මහතා විසින් සම්පාදනය කරන ලද Rock Painting and Engraving Sites of Sri Lanka නම් වූ ශාස්ත‍්‍රීය කෘතිය සමත් වී ඇත...

I වැනි විමලධර්මසූරිය රජුගේ දරුවෝ

කන්ද උඩරට ස්ථාවර රාජධානියක් බවට පත් කරමින් එ වකට ලංකාවේ පැවති අරාජික තත්වය පහ කර බෞද්ධ ජනතාවට සහනයක් සලසමින් රාජ්‍යත්වයට පත් වූයේ උඩරට ප‍්‍රාදේශීය අධිපතියෙක් වූ වීරසුන්දර බණ්ඩාරගේ පුත් කොනප්පු බණ්ඩාර ය. රාජ්‍යත්වයට පත්වීමත් සමඟI විමලධර්මසූරිය නමින් හැඳින් වුණු මෙම රජතුමා පෘතුගීසීන් සමඟ 1594 දන්තුරේ දී සිදු කළ සටනින් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා ගත් අතර ඒ සමඟ ම උඩරට රාජ්‍යයේ නීත්‍යානුකූල හිමිකාරිය වූ දෝන කතිරිනා නොහොත් කුසුමාසන දේවිය සරණ පාවා ගෙන රාජ්‍ය බලය තහවුරු කරගැනීමට කටයුතු කළේ ය. පසුව උඩරට රාජධානියේ ආරක්ෂක සංවිධාන තර කිරීම, ආර්ථික අංශය වර්ධනය කිරීම මෙන් ම දළදාව අගනුවරට වැඩම කරවා දළදා මාළිගයක් නිමවා තැන්පත් කරවීම ආදී ලෙස දේශපාලනික, ආර්ථික සහ ආගමික අංශ සඳහා ඳ විමලධර්මසූරිය රජතුමා විශාල දායකත්වයක් දක්වන ලදී....

විනාශ වෙමින් පවතින දඹුලු ලෙන් විහාරයේ විශිෂ්ට සිතුවම්

ශ්‍රී ලංකාවේ සිතුවම් සහිත ලෙන් විහාර අතරින් ඉතාමත් ප‍්‍රසිද්ධ දඹුලූ ලෙන් විහාරය මධ්‍යම පළාතේ මාතලේ දිස්ති‍්‍රක්කයේ මාතලේ-දඹුල්ල මහාමාර්ගයේ දඹුල්ල නගරයට සමීප ව පිහිටා තිබේ....

පුරාකෘති විනාශය පිටු දකිමු

මෙසපොටේමියාව, ඊජීප්තුව, වැනි ශිෂ්ටාචාර වල පුරාවස්තු වෙනත් ශිෂ්ටාචාරවලින් හමු වේ. මෙයට හේතු වී තිබෙන්නේ 15, 16 වැනි සියවස්වල යුරෝපීය අධිරාජ්‍යවාදීන් කොල්ලකෑමේ ව්‍යාපාරයක් ඇරඹීමයි....

පොළොන්නරුව නගරයේ අභ්‍යන්තර ප‍්‍රදේශයේ ජල කළමනාකරණය (ඇතුළු නගරය)

මානව සංහතියේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍යය වු සාධක අතුරින් ජලයට ලැබනුයේ ප‍්‍රධානම ස්ථානයකි. මානව සංහතියට පමණක් නොව සමස්ත ජෛව පද්ධතියේම පැවැත්ම රඳා පැවත ඇත්තේ ජල සම්පත කේන්ද්‍ර කරගෙන වේ....

අනුරාධපුර ඇතුළුනුවර හා පුරාවිද්‍යා පර්යේෂණ

විවිධාකාර ගති ලක්ෂණ නිරූපණය කරන පුරාවිද්‍යා ක්ෂේත්‍ර දසදහස් ගණනකින් සමන්විත ශ්‍රී ලංකාවේ එම පුරාවිද්‍යා ස්ථාන අතුරින් බෙහෙවින් වැදගත් පුරාවිද්‍යා භූමියක් ලෙස පුරාවිද්‍යාඥයින් විසින් අනුරාධපුර ඇතුළු නගරය සලකනු ලබයි. අනුරාධපුර පැරණි නගරයේ මධ්‍යගත පිහිටුමක් දක්වමින් පිහිටා ඇති ඇතුළු නගරය හෙක්ටයාර 100ක පමණ භූමියක ව්‍යාප්ත ව ඇත. අනුරාධපුර ඇතුළු නගරයේ උතුරු සීමාව අභයගිරි විහාර සංකීර්ණයෙන් ද දකුණු සීමාව මහාවිහාර සංකීර්ණයෙන් ද සීමා වී ඇත....

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පර්යේෂණ කැනීම(RUSL Ex 01 2013)

ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුමකළමනාකරණ අධ්‍යයන අංශය ම`ගින් ඍඹීඛ 2013 යන ක්ෂේත‍්‍ර නාමය යටතේ පුරාවිද්‍යා පර්යේෂණ කැනීමක් ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල භූමියේ ආරම්භ කරන ලදි. ශ‍්‍රි ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය පරිදි ආරම්භ කරන ලද මෙම කැනිම මගින් අරමුණූ කිහිපයක් සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කෙරේ....

හුණුගලගල ගුහා කැණීම 2013

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ දකුණුදිග බෑවුමේ පිහිටි හුණුගලින් නිර්මාණය වූ ගුහාවක් වශයෙන් “හුණුගලගල ගුහාව” හැඳිනගත හැකි වේ. මෙම ගුහාව වසර මිලියන ගණනාවකට පුර්වයෙන් වික්‍රාන්ත වූ හුණුගල් ගුහාවක් වශයෙන් ද හඳුනාගත හැකි වේ. අවම වශයෙන් අදින් වසර 4,000කට පූර්වයෙන් ජීවත් වු යකඩ භාවිත කළ ජනයා විසින් මෙම ගුහාව අවට ප්‍රදේශය ජනාවාස කරගත බව පෙනී යයි....

නිකවලමුල්ල (RW/KLB/NM/2009) – 2009 දෙසැම්බර් 27 ඉරිදා

නිවාඩු දිනය - රුවන්වැල්ල නිකමුල්ල ක්‍ෂේත්‍රය අයත් පාරිසරික කලාපයට ම අයත් දොරවකකන්ද ක්‍ෂේත්‍රය නිරීක්‍ෂණය සඳහා පිටත්ව යන ලදී....

දක්‍ෂිණ ලංකාවේ ඓතිහාසික උරුමයේ කේන්ද්‍රස්ථානය - ගාලූ ජාතික කෞතුකාගාරය

දකුණු පළාතට සුවිශේෂි වූ සංස්කෘතික උරුමයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ගවේෂකයින්ගේ,පර්යේෂකයින්ගේ අධ්‍යාපනික මධ්‍යස්ථානයක් වශයෙනුත් දෙස් විදෙස් නරඹන්න්ගේ විනෝදාස්වාදය උදෙසාත් ප‍්‍රදර්ශනය කරමින් පවත්වා ගෙන යනු ලබන ගාල්ල ජාතික කෞතුකාගාරය, දකුණු පළාතේ වටිනා සංස්කෘතික උරුමයන් සුරැකීම අරමුණු කොටගෙන ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ පාලන අධිකාරිය යටතේ 1980 දශකයේ මුල් කාලය තුල ආරම්භ කිරීමට සැලසුම් කරන ලදී....

සීගිරිය බියර් වෙළෙඳ දැන්විමකට(විඩියෝ) භාවිත කිරිම ඔබ අනුමත කරන්නේ ද?

ජපානයේ "අසාහි" නම් බියර් සමාගම මගින් බියර් වෙළෙඳ දැන්විමක් සඳහා සීගිරිය භාවිත කර ඇත. මෙය ඔබ අනුමත කරන්නේ ද?...

සීගිරිය - කැඩපත් පවුර මත ඇති පක්ෂි අපද්‍රව්‍ය(Bird Excreta) ඉවත්කොට සංරක්ෂණය කිරිම

සිගීරිය කැඩපත් පවුර සුදු පුල්ලි විශේෂයක් මතු වි ඇති බවට හා මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර ශ‍්‍රි ලංකාවේ විද්වත් මඩුල්ලක් ගෙන්වා අවශ්‍යය තීන්දු තිරණ හා උපදෙස් ලබා දෙන ලෙස දැනට මසකට පමණ......

ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය

ගාල්ල සමුද්‍ර කෞතුකාගාරයේ පිවිසුම් දොරටුවෙන් කෞතුකාගාර අභ්‍යන්තරයට ප‍්‍රවිෂ්ට වෙත්ම ධීවර ජනතාව සහ ඔවුන්ගේ සමාජ සන්දර්භය පිළිබඳ ......

ඩෙල්ෆ් දුපතේ ශිලා ලිපිවල සම්භවය සැක සහිතයි

මේ පිළිබඳව වැඩිදුර අවදානය යොමු නොකිරීමට සහ එම වසරේදී ඒ පිළිබඳව මාධ්‍යයෙන් හෙලි නොකිරීමට බලපෑ කරුණු කිහිපයක් විය. ඉන් පළමුවැන්න මෙම සටහන් කියවිය නොහැකි ලෙස පළුදු වී හෝ විනාශ වී හෝ විනාශ කර තිබීමයි. එම අක්ෂර පැහැදිලිව හඳුනා ගැනීමට, කාලනිර්ණය කිරීමට හෝ කියවීමට නොහැකි හෙයින් ඒ පිළිබඳව තව දුරටත් පර්යේෂණ කටයුතු කිරීම අපහසු විය. අනෙක් ප‍්‍රධාන හේතුව වූයේ මෙම ලිපි කවරෙකු හෝ විසින් අළුතෙන් තබන ලද සටහන් බවට සැකයක් මතුවීමය. කළු ගලක් මත මෙන් නොව හුණුගලේ පහසුවෙන් සටහන් තැබිය හැකි අතර, එය මෑත කාලීනව කරන ලද්දක් බවට එහි ඇති සමහර අක්ෂර හා සටහන් ඉරි අනුව සැක කිරීමට හැකියාවක් ඇති විය. මෙම සටහන් අතර ඉංග‍්‍රීසි අක්‍ෂරද දක්නට ලැබීම එයට හේතු විය. මේ ආකාරයෙන් උරුමය විනාශ කර ඇති සහ ඉතිහාසය විකෘති කිරීමට තැත් දැරූ ස්ථාන කිහිපයක්ම උතුරු ප‍්‍රදේශයන්හි දැකිය හැක....

ඩෙල්ෆ් දූපතෙන් සෙල්ලිපි තුනක් හමු වේ

ගාල්ලේ ස්ථාපිත කොට ඇති මධ්‍යයම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පුරාවිද්‍යාඥයින් විසින් 2013 අගෝස්තු මාසයේ දී උතුරුදිග ලංකාවේ ඩෙල්ෆ් දූපතේ සිදුකළ පුරාවිද්‍යා ගවේෂණ කටයුතුවල දී මෙතෙක් අනාවරණය නොවී පැවති සෙල්ලිපි තුනක් පළමු වරට අනාවරණය කරගැනිමට සමත් වී ඇත....

පූර්ව බ්‍රාහ්මි ලිපි කියවමු

මෑතකාලීන ව නිධන් සෑරීම යනු විනෝදාංශයක් මෙන් මහා පරිමාණ ව සිදුකරගෙන යන්නකි. මේ සදහා බොහෝ විට පැරණි ශිලාලේඛන ඇති ස්ථාන වැඩි අවධානයකට ලක් වේ....

ලක්දිව සංස්කෘත අභිලේඛන තුළින් නිරූපිත මහායාන ආගමික සාධක පිළිබද මූලික විමසුමක්§

වසර දහස් ගණනාවෙක යටගියාවකට හිමිකම් කියන ලංකා ඉතිහාස ගමන් මගේ එක් එක් අවස්ථාවන්හි එහි දිශානතිය තීරණය කිරීම සඳහා විවිධ සමාජ, දේශපාලන, ආර්ථික හා ආගමික සාධක බලපෑම් කර ඇත. එවැනි තිරණාත්මක බලපෑම් සිදුකිරීමට ......

මුහුදු පුරාවිද්‍යා ඒකකයේ උතුරු මුහුදේ නවමු පර්යේෂණ 2013 - දෙවන කොටස

2013 අගෝස්තු මස 4 වෙනි දින උදය වරුවේ MAU කණ්ඩායම ගවේෂණය සඳහා අවශ්‍ය බඩු බාහිරාදිය ඒකරාශි කරගැනීම සිදු කළේය. ගමන සඳහා වාහන 2ක් යොදාගත්තේය. එම වාහන සඳහා අපගේ සියලූම බඩු බාහිරාදිය ඇසුරුම් කිරීමෙන් අනතුරුව සවස 4ට පමණ ආයතනයෙන් පිටත්විය. එහිදී ගාල්ල සිට අධිවේගි මාර්ගය ඔස්සේ කොළඹ දක්වා ද එහි සිට මහනුවර මාර්ගයේ ගමන් කොට කුරුණෑගල මාර්ගයට පැමිණ ඒ ඔස්සේ දඹුල්ල දක්වා ද එහි සිට සීගිරිය දක්වා ද ගමන් කරන ලදි. අප සීගිරිය වෙත ළගා වනවිට රාත‍්‍රී 12.30 පමණ විය. සීගිරි ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමණාකාර චන්දන වීරසිංහ මහතා හමුවීමෙන් පසුව සීගිරිය අප්සරාවේ නවාතැන් ගැනීම සිදුකරන ලදි. පසු දින උදෑසන පෙරවරු 6.30ට පමණ සීගිරි ව්‍යාපෘතියට පැමිණ සීගිරිය කෞතුකාගාරය නැරඹීමෙන් අනතුරුව, චන්දන වීරසිංහ මහතා හමුවී ස්තූති කොට පෙරවරු 8.40 ට පමණ සීගිරියෙන් පිටත්විය....

"සමුද්‍රිකා” මුහුදු පුරාවිද්‍යා සමුඵව හා ප‍්‍රදර්ශනය 2013 මාර්තු 20 සාරාංශ පත‍්‍රි‍්‍රකා

2013 මාර්තු 20 දින මුහුදු පුරාවිද්‍යා ඒකකය හා මුහුදු පුරාවිද්‍යා කෞතුකාගාරය ගාල්ල ව්‍යාපෘතියල මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සංවිධානය කළ "සමුද්‍රිකා” මුහුදු පුරාවිද්‍යා සමුඵවේ සාරාංශ පත‍්‍රි‍්‍රකා මෙම ලිපියේ PDF ගොනුවක් ලෙස අමුණා ඇත....

මුහුදු පුරාවිද්‍යා ඒකකයේ උතුරු මුහුදේ නවමු පර්යේෂණ 2013 - පළමු කොටස

සංස්කෘතික හා කලාකටයුතු අමාත්‍යංශය යටතේ පරිපාලනයට ලක්වන මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ 2013 අනුමත ඇස්තමේන්තුවට අනුව ශ‍්‍රී ලංකාවේ උතුරු වෙරළතීරයේ මුහුදු පුරාවිද්‍යා ගවේෂණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තීරණය විය. තිස්වසරක් පුරාවට ශ‍්‍රී ලංකාවේ පැවති යුධමය වාතාවරණය මත උතුරු හා නැගෙනහිර ආශ‍්‍රිත ගොඩබිම හෝ දියයට පුරාවස්තු ගවේශණය කිරීමේ හැකියාවක් පැවතියේ නැත....

නාවික යාත‍්‍රාවන්ට මරුකපොල්ලක් වූ රාවණ පරය හා එහි දියයට පුරාවිද්‍යා උරුමය – දෙවන කොටස

... ලාංකේය පුරාවිද්‍යාඥයන් ගේ අවධානය මුහුද යට ගිලී ඇති උරුමයන් කෙරෙහි යොමුවන්නට බලපෑ විශේෂ සොයගැනීමක් ලෙස රාවණ පර ආශ‍්‍රිත මුහුදේ තිබී සොයාගත් 17 වන සියවසට අයත් යැයි සැලකෙන රිදී කාසි නෞකාව හැදින්විය හැකි ය. මහාරාවණා හා කුඩාරාවණා පරයන් ආශ‍්‍රිත ව අනතුරට ලක් වූ නෞකාවන් 5ක් සම්බන්ධ සාක්ෂි විවිධ පර්යේෂණ ඔස්සේ අණාවරණය වී ඇත. රිදී කාසි නැව, බෝතල් නැව, තඹ නැව, කුඩා රාවණ යකඩ නැව හා එච්.එම්.එස්. ඩෙඩලස් නෞකාව(HMS Daedalus) උදාහරණ ලෙස දැක්විය හැකි වේ.......

ශ‍්‍රී ලංකාවේ භෞමික හා මිරිදිය ගොලූබෙල්ලන් ගේ ව්‍යාප්තිය ඇසුරින් ප‍්‍රාග්ඓතිහාසික පරිසරය ප‍්‍රතිනිර්මාණය කිරීම: විශේෂ අවධානය බුලත්සිංහල ෆාහියන්ලෙන, කුරුවිට බටදොඹලෙන, කිතුල්ගල බෙලිලෙන, අලවල පොත්ගුල්ලෙන, සීගිරිය පොතාන හා බෙල්ලන්බැදිපැලැස්ස

අදින් වසර 7000කට පෙර ශ‍්‍රී ලංකාව හුදකලා වූ දිවයිනක් වශයෙන් ඉන්දියානු උප මහද්වීපයෙන් වෙන්වීම හේතුකොටගෙන ගොලූබෙල්ලන්ගේ විශේෂණය වීම (Speciation)සිදුවිය. දැනට ශ‍්‍රී ලංකාව තුළ භෞමික හා මිරිදිය ආශ‍්‍රිතව හමුවන ගොලූබෙල්ලන්ගේ පූර්ව සම්භවය ගොන්ඞ්වානාලන්තය හා බැඳේ. ශ‍්‍රී ලංකාවේ භෞමික වාසී ගනයන් (Generas)66ක් වාර්තා වන අතර එයින් ගනයන් 13ක් ඉන්දියානු උපමහද්වීපය හා මෙරට තුළ පමණක් වාර්තා වේ....

සීගිරියේ පොතාන ප‍්‍රාග් ඓතිහාසික ගුහාවෙන් අනාවරණය වී ඇති ක්‍ෂීරපායී සතුන් පිළිබඳ සාධක

සීගිරියේ පොතාන ප‍්‍රාග් ඓතිහාසික ගුහාව වියළි කලාපීය පරිසරයක පිහිටා ඇති අදින් වසර 6,000 කට පමණ කාලනීර්ණය වූ මධ්‍ය ශිලා යුගයට අයත් මානව වාසස්ථානයකි....

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රාග්ඓතිහාසික මානවයාගේ කක්කොට්ටන් පරිභෝජන රටාව: විශේෂ අවධානය සීගිරිය පොතාන ගුහාව

ජලජ අපෘෂ්ඨ වංශී සත්ත්ව කාණ්ඩයක් වන මිරිදිය කක්කොට්ටන් ශ‍්‍රී ලංකාවේ තෙත්බිම්, ඇලදොළ, කුඹුරු, වැව්, ගංගා, තෙත් ගල්තලා, ගස්බෙන ආදී තෙත් පරිසර පද්ධති ආශ‍්‍රිතව ජීවත් වේ. විශේෂ (species) 51 කින් පමණ සමන්විත මෙම සත්ත්ව කාණ්ඩයේ කක්කොට්ටන් අතරින් විශේෂ 50ක් දිවය...

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික කැනීම් මගින් අනාවරණය කොටගෙන ඇති පක්ෂි අස්ථින් පිළිබඳ විමර්ශනයක්

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ ආහාර පරිභෝජන රටාව අධ්‍යයනය කිරීම තුළින් ඔවුන්ගේ ආහාර රටාව, දඩයම් ක‍්‍රමෝපායන් ආදිය අධ්‍යයනය කළ හැකිය....

ලක්දිව පාලම් තාක්ෂණය

ශ්‍රි ලංකාවේ ඓතිහාසික මුලාශ්‍රයන් හි බහුලව තොරතුරු සඳහන් වන පාලම් විශේෂය ලී පාලම් ලෙස හැඳින්විය හැකිය. එහෙත් දැව ඉක්මනින් විනාශයට ලක්වන ඉදිකිරිමේ මාධ්‍යක් බැවින් පැරණිම ලී පාලම් කිසිවක් අද දක්නට නොලැබේ. ලී පාලම් පිළිබඳව පැරණිම සාධකයක් ලෙස සැලකිය හැක්කේ අත්තනගල්ල විහාර වංශයෙහි එන තිසා වැව අසල වු ලී පාලම පිළිබඳ සඳහනයි. එසේම සීගිරියේ බටහිර දොරටුවෙහි ඇතුල් දිය අගල හරහා අවශ්‍ය වු විටක ඉවත් කල හැකි ලීයෙන් තැනු පාලමක් (Draw Bridge) තිබෙනට ඇතැයි පුරාවිද්‍යාඥයන්ගේ අදහසයි....

පුරාණ ලංකාවේ සම්පත් පරිහරණය හා තාක්ෂණය සම්බන්ධ සමාජ සැකැස්ම

ශ‍්‍රී ලංකාවේ අක්‍ෂර පරිණාමයට අනුව ක‍්‍රි.පූ. තෙවන සියවසින් පසු අවධියට අයත් කළ හැකි අභිලේඛන ආශ‍්‍රයෙන් සහ සාහිත්‍ය මූලාශ‍්‍ර තොරතුරුවලින් ශ‍්‍රී ලංකාවේ සම්පත් පරිහරණය හා තාක්‍ෂණය සම්බන්‍ධ ව සමාජගත ව්‍යුහය පිළිබඳ ව අවබෝධයක් ලබාගත හැකි වේ....

පුරාණ ලංකාවේ පෙදරේරු තාක්ෂණය

ශ‍්‍රී ලංකාවේ පුරාණ තාක්ෂණය තුළ වර්ධිත තාක්ෂණික අංගයක් වශයෙන් පෙදරේරු තාක්‍ෂණය දැකගත හැකිය. එහි දී ශිලා හා ගඩොළු පෙදෙරේරු තාක්ෂණයේ වර්ධනීය තත්ත්වයක් දැකගත හැක....

ජලාශයෙන් යට වී ගිය කොත්මලේ ලෝහ තාක්ෂණික උරුමය

කොත්මලේ යන නම වර්තමානයේ වරම සංඥා කරන්නේ කොත්මලේ ජලාශය යි. සමනළ වැව දිය කඳින් වසර දෙදහස් තුන්සියක සිට එම ප්‍රදේශයේ පැවත ආ යකඩ හා වානේ කර්මාන්තය ට අයත් අවශේෂ යට වී ගියේ ය....

බැලූමෝ සිහිගිරි : සෙනරත් පරණවිතාන 114 වන ජන්ම දින අනුස්මරණ දේශනය

පරණවිතාන දේශනයක් මේ අවස්ථාවේ දි කිරිමට මට ආරාධනා කළ සංස්කෘතික ලේකම් විජේතුංග මහතාට ස්තූති කරමින් මට වැටහෙන පරිදි කො තරම් පරණවිතාන මහතා ගැන දේශන පැවැත් වුවත් තවත් ටිකක් ඉතුරුය කියන තීරණයට බැසීමට අපට සිදු වෙනවා. ඒ තරම් උදාර චරිතයක් විද්වතෙක් වෘත්තිමය වශයෙන් කල්පනා කරල බලන කොට. මගේ දේශනය කොටස් දෙකකින් කරන්න කියල මට ආරාධනා කරල තියෙනවා. මුල් කොටස පරණවිතාන ගැන. දෙ වන කොටස එ තුමා අපට වෙන අයෙකුට වඩා හෙළිකළ සිගිරිය පිළිබඳ ව....

ඉතිහාසය සහ පුරාවිද්‍යාව අතර ක්ෂිතිජයක් : මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්නගේ ශාස්ත‍්‍රීය දායකත්වය පිළිබඳ ඇගැයිමක්

මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්නගේ දශක තුනක් ඉක්මවන ශාස්ත‍්‍රීය සේවය ඇගැයීමට ලක්වන මෙම අවස්ථාවට සහභාගි වීමටත් මෙහි රැස්ව සිටින ගෞරවනීය සභාව ඇමතීමටත් මට ආරාධනා කිරීම පිළිබඳව මම මෙම උත්සවයේ සංවිධායකයින්ට පළමුව මගේ කෘතඥතාව පළ කරමි....

සාමූහික පැවැත්ම උදෙසා උරුමය: සාක් කලාපය තුළ ශ‍්‍රී ලංකාවේ කාර්යභාරය

ගෞරවනීය පූජ්‍ය පක්ෂයෙන් අවසරයි. ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමනි, රාජපක්ෂ ආර්යාවනි, ගරු ඞී. ඒ. රාජපක්ෂ මැතිදුන්ගේ පවුලේ සාමාජික භවතුනි, ගරු පාර්ලිමේන්තු මැති ඇමතිවරුනි, ආරාධිත අමුත්තනි, මහත්මාවරුනි, මහත්මියනි,...

අද ශ්‍රී ලාංකික පුරාවිද්‍යාඥයාගේ භූමිකාව

භීතිය සිඳ අභිමානවත් මනසින් බුද්ධියේ නිදහස විඳ පටු සීමාවන්ගෙන් වෙන් ව ගිය ලොවක් නොව හද පත්ලෙන් බිහි වන්නා වූ සත්‍යතාව පිරිපුන් භාවයේ නිමැවුම වෙත දෑත දිගු කර සාධාරණත්වයේ සිහිල් දිය දහර පාදඩකරණයේ මරුකතර වෙත නො යවා පුළුල් සිතින් යුතු ක්‍රියාවලිය වෙත මනස ද්‍රව ගත කර නිදහස් චින්තනයේ ස්වර්ගය වෙත මාගේ දේශය අවදි කරනු මැන, පියාණෙනි - රවීන්ද්‍රනාත් තාගෝර් -...

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 6 : ශ‍්‍රී ලංකාවේ පුරාශිලා යුගය

පුරාශිලා යන වචනයෙන් හැඟවෙන ආකාරයෙන් ම මෙ මගින් කියැවෙන්නේ පැරණි ශිලා යුගය (old stone age) පිළිබඳවයි. මෙම ලිපි මාලවේ පළමු ලිපියෙන් පෙන්වා දුන් ආකාරයට ප‍්‍රාග් ඓතිහාසික අවධිය තුළ අනුයුග කීපයක් පවති. එම සෑම යුගයකට ම පොදු ලක්‍ෂණය වශයෙන් හඳුනාගත හැක්කේ ගල් මෙවළම් භාවිත වීමයි. මෙ ලෙස ගල් ආයුධ භාවිත වන යුගයන් ගේ භාවිත ගල්ආයුධවල වර්ධණීය ලක්‍ෂණ අනුව අවස්ථා කීපයක් වශයෙන් වෙන් කෙරේ. ඒ අනුව, වර්ධනය අතින් පහළ ම ලක්‍ෂණ නිරූපණය කරන්නේ පුරාශිලා යුගයයි. මෙම යුගය පුරාවිද්‍යාඥයින් අතර පැලියෝලිතික යුගය (Palaeolithic) යනුවෙන් භාවිත වේ. මෙම ලිපියෙන් ප‍්‍රාග් ඓතිහාසික අවධියේ මිනිසා ගේ පැරණි ම අවධිය වශයෙන් හඳුනාගන්නා පුරාශිලා යුගය ලංකාවේ පැවතුණු ආකාරය පිළිබඳ ව සාකච්ඡා කිරීමට අවස්ථාව උදා කරගත හැකි වේ....

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 5 : ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණයන් ගේ නූතන අවධිය

ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා පර්යේණ අතීතය පිළිබඳ ව අවධානය යොමුකරන විට එහි අවසාන අවධිය වශයෙන් නූතන අවධිය හඳුනාගත හැකි වේ. මෙම අවධියේ ආරම්භක අවස්ථාව වශයන් ක‍්‍රිස්තු වර්ෂ 1969 හඳුනාගත හැකි වේ....

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය - 4 : ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණයන් ගේ අතරමැදි අවධිය

1956-61 කාලයේ දි ඇඹිලිපිටිය ආසන්නයේ වලවේ ගංගාව ඇසුරේ පිහිටා ඇති බෙල්ලන්බැදිපැළැස්සේ සිදුකළ කැනීම ඉතා වැදගත් පුරාවිද්‍යා කැනීමක් ලෙස ලංකාවේ පුරාවිද්‍යා වංශකතාවේ සටහන් වී ඇත. ලංකාවේ වාසය කළ ආදි මානවයාගේ ශරීර ස්වාභාවය පිළිබඳ ව අදහසක් ඇතිකර ගැනීම සම්බන්ධයෙන්...

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය - 3 : ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණයන් ගේ ආරම්භක අවධිය

යම්කිසි විෂයක් අධ්‍යයනය කිරීමේ දී විවිධ ආකාරයෙන් නැතිනම් විවිධ ප‍්‍රවේෂ (approaches) ඔස්සේ එම විෂයන් අධ්‍ය්‍යනය කළ හැකි බව අප දන්නා සාමාන්‍ය කරුණකි....

නූතන මානවයා ‘අප‍්‍රිකාවෙන් නික්ම යාමේ න්‍යාය’ හා ශ‍්‍රී ලංකාව

නූතන මානවයා අප‍්‍රිකාවෙන් නික්මයාමේ න්‍යාය (out-of Africa theory) අද දින බොහෝ ලෙස කතාබහටත් වාදවිවාදවලටත් ලක් ව ඇති මාතෘකාවකි. සරලව දක්වතොත් මේ න්‍යායෙන් කියවෙන්නේ අප‍්‍රිකාවේ උපත ලද Homo sapiens ඉන් නික්ම ගොස් ලොව ව්‍යාප්ත වූ ආකාරයයි. පුරාවිද්‍යාඥයින්, ශිලා මෙවලම් පිළිබඳ විශේෂඥයින් මෙන්ම ජාන පිළිබඳ පර්යේෂණවල නිරත වී ඇති විද්වතුන් ද අද මේ න්‍යාය සමඟ ගැටෙමින් සිටිති. අවසාන වසර 20 ඇතුළත දී ්‍Homo sapiens පිළිබඳ කළ පර්යේෂණවලට අනුව පෙනීයන්නේ මෑත ප්ලයිස්ටොසීනයේ (late Pleistocene) අදින් වසර 150,000කට පෙර (මෙය සමහර විට අදින වසර 200,000-260,000 අතර කාලවකවානුවකට වුව ද අයත් විය හැකිය.) නැගෙනහිර අප‍්‍රිකාවේ දී මේ මානවයා පරිමාණය වූ බවයි (Cameron & Groves, 2004). මේ කතාව ගොඩනැගීම සඳහා ශිලා මෙවලම්, මානව ෆොසිල, මයිටකොන්ඩි‍්‍රයල් ඞී. එන්. ඒ. (mitacondrial DNA) හා වයි-ක්‍රොමොසෝම් (Y-Chromosome) පිළිබඳ කරුණු ආදාර කර ගැණින....

ශ‍්‍රී දළදාවහන්සේ ඓතිහාසික සමාජ වියමනක් ලෙස දැකීම : කෙටි හැඳින්වීමක්

ශ‍්‍රී ලංකාවේ ඉතිහාසයේ ඉතා දිගු කාලයක සිට ශ‍්‍රී දළදා වහන්සේ ජාතික හා ආගමික වශයෙන් උපරිම මට්ටමේ වැදගත්කමක් හිමි කර ගත් වස්තුවක් ලෙස වැජඹිණි....

ඉතිහාසය දෙස විසංයෝජනීයව බැලීම

පුද්ගලයාත් සමාජයත් ඉතිහාසයත් දැනුම නිෂ්පාදනය කරයි.පුද්ගලයා සමාජයේ මූලිකාංගය වන නිසා ඒ දෙවග අතර තිබෙන සබඳතාව ස්වායත්තය (inherent). ඉතිහාසය නිර්මාණය කරන්නේ සමාජය මගින් වන නිසා ඉතිහාසයත් පුද්ගලයාත් අතර සෘජු සබඳතාවක් තිබේ....

ජාතික ඉතිහාසය නව සුසංවාදයක් දෙසට

කිසියම් රටක ඉතිහාසය (මෙහි දී ඉතිහාසය යන පදයෙන් මනුෂ්‍ය ප‍්‍රගමනය පිළිබඳ සමස්ත ක‍්‍රියාවලිය අදහස් කර ඇත.) පිළිබඳ ව එරට පුරවැසියන් තුළ පවතින සංජානනය පුරවැසියාත් ඔහු උපන් භූමියත් අතර අවියෝජනීය සබඳතාව ගොඩ නැගීමට ඉවහල් වන ප‍්‍රධාන මානසික උත්තේජනයයි....

archaeology.lk තවත් සමාජ මෙහෙවරක්

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවේ ප්‍රගමනය වෙනුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ සයිබර් අවකාශය ඔස්සේ ස්වෙච්ඡා පදනමින් ක්‍රියාත්මක වන ප්‍රමුඛතම ස්වෙච්ඡා කණ්ඩායම් අතර archaeology.lk ප්‍රමුඛ තත්ත්වයක් හිමිකරගැනීමට සමත් වී ඇත. ප්‍රමාණාත්මක හා ගුණාත්මක යන අංශ දෙකෙහිම වර්ධනය පුරාවිද්‍යා විෂයේ ප්‍රගමනය සඳහා අත්‍යවශ බව පෙනී ගොස් ඇත....

ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය

දක්ෂිණ ලංකාද්වීපයේ ඓතිහාසික ගාලූපුර කොටු පවුරෙහි පිහිටි ඕලන්ද වාස්තුවිද්‍යාත්මක ශෛලියට අනුකූලව ඉදිකරන ලද ලන්දේසී බඩුගබඩා ගොඩනැගිල්ලෙහි (පැක් හවුස්) ......

සබඳ ඔබගෙන් අප ඔද වැඩින

ව්‍යවහාර වසරින් 2009ක් වූ දෙසැම්බර් මස 18වැනි සිකුරාදා සින සවස 3.30ට කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ අංක 407 ස්ථානයේ පිහිටි පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේදී (PGIAR) මුළුදුන් www.archaeology.lk වෙබ් අඩවිය දොරට වැඩුම ......

අනුරාධපුරය නගරය එහි ප්‍රභවය

මහාචාර්ය රාජ් සෝමදේව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය කැලණි විශ්ව විද්‍යාලය ක්‍රිස්තු පුර්ව හයවන සියවසේ දී අනුරාධ නම් සංක්‍රමණිකයකු විසින් මල්වතු ඔය අසබඩ අනුරාධග්‍රාම නමින් ජනාවාසයක් පිහිටුවන ලද බවත්, 2 (මව VII : 43 ) ඉන් පසු අවස්ථාවක පණ්ඩුකාභය නමින් හැඳින්වූ රජකු විසින් එය නගරයක් බවට පරිවර්තනය කොට අනුරාධපුරය......

පැහැබර අහස රූපවාහිනී සංවාදය - මහාචාර්ය රාජ් සෝමදේව

2010 ඔක්තොම්බර් මස 24 ඉරිදා දින පෙරවරු 9.00 සිට 10.00 දක්වා ජාතික රූපවාහිනියේ විකාශය වූ පැහැඹර අහස හෘදයාංගම සංවාදය ලංකාවේ පළමු පෙළේ පුරාවිද්‍යාඥයෙකු වූ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේවයන් වෙනුවෙන් වෙන් විය. එම වැඩසටහන පහත දිගුව ඔස්සේ ඔබට ද නැරැඹිය හැකි වේ....

මහාචාර්ය පූජ්‍ය හඟුරන්කෙත ධීරානන්ද හිමි

ශ‍්‍රී ලාංකේය ඉතිහාසය හා ඉතිහාස සම්ප‍්‍රදාය පමණක් නොව අනන්‍යතාව නීර්ණය කිරීමෙහිලා තීරණාත්මක ජවයක් සැපයූ යම්දෙයක් වේ නම් ඒ බෞද්ධ චීවරයයි....

ආචාර්ය සිරාන් දැරණියගල

පාංශු ස්තරණයෙන් ආවරණය වී පවත්නා ප‍්‍රාග් ඓතිහාසික තත්වයන් අනාවරණය කරගනු වස් සප‍්‍රමාණාත්මක අධ්‍යයන මෙහෙයවීම තුන්කල් විනිවිද දක්නා ප‍්‍රාඥයකුට හැර අනෙකුකට පහසු කටයුත්තක් නම් නොවේ....

මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න

ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥයෙකු වන මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්නයන්ගේ ගුරු භූමිකාවට මෙම වසරේ (2009) දෙසැම්බර් මස 16වැනි දිනට වසර 30ක කාලයක් සම්පූර්ණ වෙයි....

වෙනත් ප්‍රවර්ග


අධ්‍යාපන උපකාරක


ඡායාරුප එකතුන්
කුරුල්ලන් ජරා කිරීම නිසා සීගිරිය කැටපත් පවුරට වි ඇති හානිය
කුරුල්ලන් ජරා කිරීම නිසා සීගිරිය කැටපත් පවුරට වි ඇති හානිය
මාහාචාර්‍ය සුදර්ශන සෙනවිරත්න
මාහාචාර්‍ය සුදර්ශන සෙනවිරත්න

archeology.lk විඩියෝ

ක්‍රි. වර්ෂ 9 සියවසේදී ජේතවනාරාම ආරාම සංකිර්ණය...
2012 මානාභරණ සෑය කැනීම

සම්මාන හා ඇගයිම්

BestWeb.lk 2012
කුසලතා සහතිකය - හොඳම සිංහල වෙබ් අඩවිය
BestWeb.lk 2010
ජනප්‍රියම සිංහල වෙබ් අඩවි 5 අතරට
2012 e-Swabhimani Logo

Winner 2012

ඉ - සංස්කෘතික හා උරුමය

2012 e-Swabhimani2012